වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරියකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව එම වෛද්‍යවරියට සිදුකළ පී. සී.ආර්. පරික්ෂණයකට අනුව ඊයේ (17) දහවල් තහවුරු වූ බව වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නයනජිත් බණ්ඩාර මහතා පැවසීය.
මේ අනුව වතුපිටිවල මූලික රෝහල් කාර්ය මණ්ඩලයේ කොවිඩ් 19 වයිරසය ආසාදිත සංඛ්‍යාව 11 දක්වා වැඩි වී ඇතැයි ද වෛද්‍ය නයනජිත් බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.
- එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන -
Comments
Post a Comment
Your comment will be visible after approval