
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇලස්කාවේ පිහිටි දැවැන්තම ගිනිකන්ද සොයාගැනීමට හැකිවුණු බව විද්‍යාඥයන් පිරිසක් සඳහන් කරයි. ඇලස්කාවේ පිහිටි කඳුවැටි හතරකින් සමන්විත දූපත් පිළිබඳව සිදුකළ
ගවේෂණයකදීඒ අනුව එහි ඇති මවුන්ට් ක්ලීව්ලන්ඩ් නම් කන්ඳ මෙම දැවැත්තම ගිනි කන්ද බව ඔවුන් පවසයි. ඒ තුළින් ද්‍රව්‍යමය මැග්මා පිට වන බවත්, එය එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් සුපිරි ගිනිකන්ද මෙන්ම විශාල ගිනිකන්දක් බවත් පර්යේෂකයන් සඳහන් කරයි.
වාර්තාවලට අනුව ඇලස්කාවේ පිහිටි මෙම ගිනිකඳු දාමය සතුව ගිනිකදු 80කට ආසන්න ප්‍රමාණයක් පිහිටා තිබේ. ඒවා අතරින් බොහෝමයක් ආසන්න කාලය තුළදී වරින්වර පිපිරීමටද ලක්ව ඇත. ඒ අනුව මෙම ප්‍රදේශය පෘථිවියේ තවත් එක් භූගෝලීය ක්‍රියාකාරිත්වයක් සහිත ස්ථානයක් බවට අවිවාදයෙන් පිළිගත යුතුව ඇතැයිද පර්යේෂකයන් පවසයි.
මේ අතර ඇලස්කාවේ පිහිටි මෙම කඳුවැටි හතර සම්බන්ධයෙන් ඉහළ සිට පහළ දක්වාම පරීක්ෂණ සිදුකරන බවත්, එහිදී සාගර පතුල පිළිබඳවද තොරතුරු රැස් කරන බවත් පර්යේෂකයන් පවසා සිටියි. ඒ හරහා මෙම ගිනිකඳු පිපිරීම තුළින් උතුරු ඇමෙරිකාවට මෙන්ම ලෝකයටද ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරේ.


Comments
Post a Comment
Your comment will be visible after approval