
ඊයේ පස්වරුවේ මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් දියේ ගිලී අතුරුදන් වූ තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.
ෙඅනතුර සිදුවන අවස්තාවේ කැබ් රථයේ සිව්දෙනෙකු ගමන්ගත් අතර එක් දරුවෙකුගේ ඩීවිතය මුලින් බේරා ගත් නමුත් අනෙක් තිදෙනා අතුරුදන්විය.
අනතුරින් මියගොස් ඇත්තේ කැබ් රථය පැදවූ 38 හැවිරිදි පුද්ගලයා, ඔහුගේ දෙහැවිරිදි දියණිය හා අසල්වැසි නිවසක පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙකි.
ඔවුන්ගේ සිරුරු කිමිඳුම්කරුවන් විසින් ඊයේ රාත්‍රියේ සොයා ගැනීමෙන් පසු මාන්චෝලේ රෝහලේ තැන්පත් කර තිබේ.
අනතුරින් කැබ් රථය පැදවූ පුද්ගලයාගේ 12 හැවිරිදි පිරිමි දරුවා දිවි බේරාගෙන තිබේ.
මියගිය අය වව්නිකුලම් සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval