
මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළී වයස අවුරුදු 2 ක දැරියක් ඇතුළු 03 දෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය වාර්තා කර තිබේ.
අද පස්වරුවේ අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර එකම පවුලේ පියා, පුත්‍රයා සහ දියණිය එලෙස අතුරුදන් වී ඇත. තවත් දරුවෙකු අනතුරින් දිවි බේරාගෙන ඇත.
අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි පුත්‍රයා සහ 2හැවිරිදි දියණියයි.
පොලිසිය පැවසුවේ, ඔවුන්ව සොයා මේ වනවිට පුළුල් මෙහෙයුම් ආරම්භකර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval