සංචාරය සඳහා මෑතදී මෙරටට පැමිණි යුක්රේන ජාතිකයන් 185 දෙනාගෙන් 6 දෙනෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක වී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(30) තහවුරු කළේය.
හඳුනාගත් රෝගීන් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල්වල පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇති බවද වෛද්‍ය හේරත් සඳහන් කළේය.
මාස 9 ක් ගතවීමෙන් පසු සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සඳහා රජය විසින් කරන ලද නියමු ව්‍යාපෘතියක කොටසක් ලෙස යුක්‍රේන ජාතිකයින් 185 දෙනෙකු මේ මස 28 වන දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්ස අතර ඔවුන් අතරින් 6 දෙනෙකු මේ ආකාරයට වෛරසයට ධනාත්මකවී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval