
රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට තංගල්ල මූලික රෝහලට පෙරේදා (16) පැමිණ ඇති 18 හැවිරිදි තරුණියක් රටවා ලැගුම් හලකට රැගෙන ගොස් දූෂණය කළ බව කියන රෝහලක කණිෂ්ට සේවකයකු පෙරේදා 16 සවස තරුණිය සමඟ තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් කනිෂ්ට සේවකයා විසින් තනිවම ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණ සිටි තරුණිය රවටා ඔහුගේ යතුරුපැදියේ නංවාගෙන ලැගුම් හලකට ගෙනගොස් ඇයගේ අකමැත්ත මත ස්ත්‍රී දූෂණයක් කළ බවට ඇය තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.
ඇයට යළිත් ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතව ඇත්තේ අද (18) වැනිදාය.
රෝහල් සේවකයා එදිනද තරුණිය රවටා යතුරුපැදියේ නංවාගෙන යනවිට කල් තියා සුදානමින් සිටි පොලිස් කණ්ඩායම තරුණිය ද සමග රෝහල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇත. දූෂණයට ලක්වූ බව කියන තරුණිය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මෙම සැකකාර රෝහල් සේවකයා අද (18) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට තංගල්ල මූලස්ථාන පොලිසිය කටයුතු සූදානම් කර ඇත.
- ආරියදාස කොඩිතුවක්කු -
Comments
Post a Comment
Your comment will be visible after approval