ස්වීඩනය තුළ ව්‍යාප්ත වූ COVID-19 වසංගත තත්වය පාලනය සදහා රජය විසින් ගෙනවිත් ඇති ලොක්ඩවුන් සීමාවලට එරෙහිව සහ COVID-19 වළකන එන්නත් වැඩපිළිවෙළට එරට ජනතාව පසුගිය සතිඅන්තයේදී දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කළ බව වාර්තා වෙයි.
ඒ අනුව එරට දෙවැනි විශාලතම නගරය වන ගොතෙන්බර්ග්හි පිහිටි ගුස්ටවි ඇඩොල්ෆ් චතුරස්‍රය වෙත රැස්වූ මෙම පිරිස් මෙම සීමා කිරීම්වලට එරෙහිව විරෝධය දක්වා තිබේ.
කොතරම් දරුණු ලෙස වසංගතය ව්‍යාප්ත වුවද මේ දක්වාම ලොක්ඩවුන් සීමාවන් නොපැනවුණු රටක් ලෙසටද ස්වීඩනය නම්ව තිබුණි. මෙවර ඉදිරිපත්ව ඇති ලොක්ඩවුන් සීමාව තවදුරටත් උපදේශ බලාපොරොත්තුවෙන් ඉදිරිපත්ව ඇති යෝජනා බවද පැවසෙයි. මේ අතර රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත COVID-19 වළකන එන්නත් වැඩසටහන නවත්වන ලෙසටද මෙම විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කර තිබේ.
ස්වීඩනය රජය ඉදිරිපත් කර ඇති මෙම සීමාකිරීමේ යෝජනා යටතට අට දෙනෙකුට වඩා වැඩි පිරිසක් එකට ඒකතුවීම තහනම් කිරීම, ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් සදහා නිර්දේශ ලබාදීම, මුඛ ආවරණ පැලදීම මෙන්ම සමාජදුරස්ථභාවය ආරක්ෂා කරගැනීම ඒ අතර වෙයි. එසේම රට තුළ එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා ස්වීඩනය විසින් පසුගිය මැයි මාසයේ සිටම මුල පුරා තිබුණි. ඒ අනුව දැනටමත් AstraZeneca, Johnson and Johnson, Pfizer Bion Tech, CureVac මෙන්ම Moderna යන සමාගම් සමග යුරෝපා සංගමය හා ඒකාබද්ධව ගිවිසුම් වෙත එලැඹීමට ඔවුන් කටයුතු යොදා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval