
සිංහල ජනතාව හීන නැගෙනහිර පලාතෙ ශාසනික අභිවෘද්ධිය ඇති කරමින්, ජාතීන් අතර සංහිදියාව ඇතිකිරිම වෙනුවෙන් කටයුතු කළ හිමියන් වෙනුවෙන් සියලු ජාතීන් එක්ව ගෞරව කිරීම විශේෂත්වයකි.
අරිසිමලය ආරණ්‍ය සේනාසන සංචිතයට අයත් යාන් ඔය රජ මහා විහාරස්ථානයේ බවුන් වඩමින් වැඩ විසු අපවත් වී වදාල සුභූති වංස ස්වාමීන් වහන්සේගේ අවමංගල උත්සවයේදී සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජාතීන් එක්වූ අතර දේහය චිතකය වෙත රැගෙන යාමේදී සිංහල ගිහි පැවිදි පාර්ශව මෙන්ම අන්‍ය ආගමික නායකයන් ද උන් වහන්සේගේ දේහය කරමත තබා චිතකය වෙත රැගෙන යාම විශේෂිත විය.
ජාතීන් අතර අසමගිය ඇති වී රට තුළ අන්තවාදය ඉස්මතු වීමට ඉඩ නොදී සියලු ජාතීන් සහයෝගයෙන් එකා මෙන් කටයුතු කර නිවහල් දේශයක් ගොඩනැගීම උදෙසා මෙම කටයුත්ත සංවිධානය කළ පනාමුරේ තිලකවංශ හිමියන් සහ දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකත්වය අගය කළ යුතුව ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval