
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගියදා (28දා) රත්නපුර
සබරගමුව මහ සමන් දේවාල භූමියට පැමිණ සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගත්තේය. එහිදී කොවිඩ් වසංගතය මුළු දිවයිනෙන්ම ඉක්මනින් දුරු වී රටට
සබරගමුව මහ සමන් දේවාලයට පැමිණීමට පෙර ඇමැතිවරයා පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා
විහාරස්ථානයට ගොස් ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් බැහැදැක
ආශීර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමාවට පූජෝපහාර පවත්වා මෙවර ශ්‍රී පාද
වන්දනා වාරය පැවැත්වීම සඳහා අවශ්‍ය වන ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සොයා බැලීය.
ජාතික ප්‍රගතිශීලී තරුණ පෙරමුණේ ආරාධනය මත ඇමැතිවරයාගේ මෙම සංචාරය සිදු විය.
කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක
Comments
Post a Comment
Your comment will be visible after approval