රන්වීර් සිං දෙසැම්බර් මාසයට පිවිසීම සම්බන්ධයෙන් සිය Instagram පිටුවෙහි මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍ය හරහා ද අපූරු සටහනක් බෙදාහදාගෙන තිබේ.
 
ඔහු එහි 2020 වර්ෂය දැන් අවසන් වෙමින් තිබෙන බවත්, අලුත් අවුරුද්ද පැමිණීමත් සමඟ ඉතා ඉක්මණින් හොඳ කාලයක් ලැබේ යැයි සියලු දෙනා ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කර ඇත. එමෙන්ම මානව වර්ගයා මෙතෙක් මුහුණදුන් ඉතාම දුෂ්කර කාලයන්ගෙන් එකක් ලෙස මෙම වසර සැලකිය හැකි බවද ඔහු පවසා ඇත. එහෙත් COVID-19 වසංගතය මුළු ලෝකයටම බලපෑ බවත් ඒත් සමඟම සෑම දෙනාම තවමත් ඊට එරෙහිව සටන් කරන බවත් පවසන ඔහු  2020 බොලිවුඩ් සිනමා කර්මාන්තයට ද සාර්ථක වසරක් වූයේ නැති බවද පවසයි.


මෙම වෛරසයට ගොදුරු වීමට අමතරව සුෂාන්ත් සිං රාජ්පුත්, ඉර්ෆාන් ඛාන්, රිෂි කපූර්, සරෝජ් ඛාන් සහ තවත් බොහෝ වටිනා තරු රාශියක් කර්මාන්තයට අහිමි වී තිබේ. රන්වීර් සිං මෑතකදී ද ඉන්ස්ටග්‍රෑම් සටහනක් බෙදාගෙන එමඟින් සිය සියලු රසිකයින්ට ඒ සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කර තිබුණි.

කෙසේවුවද රන්වීර් දෙසැම්බර් මාසය වෙනුවෙන් සව්දිය පුරන අතර එය උත්සවාකාරයෙන් සමරමු යැයි සිය රසිකයන් හටද පණිවිඩයක් සටහන් කර තිබේ. එමෙන්ම ඔහු තවදුරටත්  “මේ මාසයේ ප්‍රීතිය හා සමෘද්ධිය ලැබේවා” යනුවෙන්ද එහි පලකොට ඇත. ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇති බොහෝ රසිකයින් ද අනිවාර්යයෙන්ම ඊට එකඟ වන්නෙමු ලෙස විවිධ සටහන් පලකර තිබේ.

ඔහු මෙම සටහන තබා ඇත්තේ විශේෂ ඇඳුමකින් හා තොප්පියකින් සැරසී අව් කණ්ණාඩියක් පැළඳගනිමින් සව්දිය පුරන අයුරු නිරූපණය කෙරෙන ඡායාරූපයක්ද පල කරමිනි. වෘත්තීමය වශයෙන් රන්වීර් සිං අවසන් වරට පෙනී සිටින ලද්දේ ගලී බෝයි චිත්‍රපටයේ ආලියා භාට් සහ සිද්ධාන්ත් චතුර්වේදි සමඟ ය. ඉදිරියේදී ඔහුගේ බිරිඳ වන දීපිකා පදුකෝන් සමඟ තිරය මතට පැමිණීමටද ඔහු සූදානමින් සිටියි.