
යාපනයේ සහ වව්නියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිතයන් සීඝ්‍ර ලෙස සිටීම හේතුවෙන් උතුරු පළාත් පාසල් 140ක් වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය කියයි. මේ අනුව, යාපනය අධ්‍යාපන පාසල් 69ක්, වැලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසල් 66ක් වව්නියාව අධ්‍යාපන කලාපයේ පාසල් 05 ක් මෙලෙස වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය පවසයි.
වව්නියාව දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියකට කෝවිඩ් ආසාදනය වීමත්, යාපනය වැලිකාමම් සහ උඩුවිල් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් රැසක් වාර්තා වීමත් සමග යාපනය සහ වව්නියාව අධ්‍යාපන කලාපවල පාසල් 140 කට මෙලෙස නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබා දී ඇත. එසේ වුවද උතුරු පළාතේ පිහිටි පාසල් 535 න් පාසල් 395ක අධ්‍යාපනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
- රොමේෂ් මධුෂංඛ -
Comments
Post a Comment
Your comment will be visible after approval