
නාගොඩ කැප්පෙටියාගොඩ දොළ ඉහළ පදිංචි සිටි කේ.වී. සරත් පියතිලක (44) යන අය නිවසේ ආලින්දයේ වැටී අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයා ගත් බව නාගොඩ පොලිසිය කියති. මියගිය තැනැත්තා තම මව සමග එම නිවසේ පදිංචිව සිටින අතර ඉකුත් 12 දින මව යක්කලමුල්ලේ පිහිටි ඇයගේ දියණියගේ නිවෙසට ගොස් සිටියදි
මෙම මරණය සම්බන්ධයෙන් බද්දේගම වැඩ බලන මහේස්ත්‍රාත් වීරසිරි ඩයස් මහතා සිද්ධිය වූ ස්ථානයේදී ඊයේ (13) පෙරවරු මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යැවීමටත් එහිදී පී.සි.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමටත් නියෝග කළේය.
-හේමපාල ලියනගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval