
නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ රෝගියකු ඊයේ (20) අලුයම වැසිකිළියේ ජනේලයෙන් පැනගොස් ඇති බව වාර්තා වී ඇතැයි නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවැසීය.
කොරෝනා සැක සහිත රෝග ලක්‍ෂණ මතුවී පසුගිය 18 වැනිදා රෝහල්ගත කර ඇති ඔහු රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදුකර පී.සී.ආර්. පරික්‍ෂණයකට ද යොමු කළ බවත් එහි වාර්තාව ලැබීමට නියමිතව ඇති බවත් රෝහල් අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
- සුමිත් ප්‍රේමතිලක -
Comments
Post a Comment
Your comment will be visible after approval