නාඋල ප්‍රාදේශීය සභාවට අයත් නාඋල නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක කලක් තිස්සේ රැදී සිටි පුද්ගලයකු මිය යෑමත් සමග එහි අයිතිය ඉල්ලා බිරින්දෑවරුන් කිහිප දෙනකු අයිතිය ඉල්ලීම හේතුවෙන් ගැටලුකාරි තත්වයක්
ඒ අනුව මෙම ව්‍යාපාරික ස්ථානයට විවාහක කාන්තාවන් සිව් දෙනෙකු අයිතිය ඉල්ලීමට නියමිත බවත් මේ වන විට දෙදෙනෙකු අයිතිය ඉල්ලා ඇති බවත් සඳහන් කළ සභාපතිවරයා කියා සිටියේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීම නාඋල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දී අනාවරණය වෙද්දි පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ට ගැටලුවක් වූයේ ජීවත්ව සිටිය දී නිත්‍යානුකූල විවාහ හතරක් සිදුකළේ කෙසේ ද යන්න පිළිබදවයි.
-ඉන්දික අරුණ කුමාර-

Comments
Post a Comment
Your comment will be visible after approval