
කෝවිඩ් - 19 තත්වය හමුවේ වසා දමා ඇති පෙරපාසල් එළඹෙන ජනවාරී මස සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය හා උපකරණ පෙර පාසල්වලට ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද හෙතෙම පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා ඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියේ පෙරපාසල් සම්බන්ධයෙන් වූ වැඩිදුර කරුණු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග සාකච්ඡා කරමින් පවතින බවයි.
මේ අතර උද්ගතව ඇති තත්ත්වයත් සමග පෙර පාසල් ගුරුවරුන් දැඩි ආර්ථික අපහසුතාවක් යටතේ දිවි ගෙවන බවත්, ඒ සඳහා ඔවුන්ට යම්කිසි සහනයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, පෙර පාසල් සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවද පැවසීය.
- නිදර්ශනී වික්‍රමසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval