
1848දී මාතලේ කැරැල්ලට නායකත්වය ලබා දුන් වීරපුරන්අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩා රණවිරුවන් සිහිවීමට මාතලේ නගරයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකයෙහි එම රණවිරුවන්ට අපහාස වන අයුරින් සවි කර තිබු විදුලි පහන් ඉවත් කිරීම ඊයේ (01දා) දින සිදු කෙරුණි.
මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා විසින් මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාෂ් මහතාගේ මැදිහත්වීම මත මෙය සිදු කරන ලදී.
මාතලේ වැඩ බලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ්, නාගරික මන්ත්‍රී අමිල නිරෝෂත්, මාතලේ ප්‍රවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහත්වරුන් හා මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ.පී.මධුවත්ති මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.
- රවින්ද්‍ර විරාජ් අබයසිරි -