
මස්කෙළිය ග්ලෙනුජි වතුයායේ සැමියකුට සහ බිරියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව 16 දා ලද පී.සී.ආර්. පරික්‍ෂණ වාර්තා අනුව තහවුරු වූ බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩී. චන්ද්‍රරාජන් මහතා පැවැසීය.
පසුව ඇගේ මව, පියා ඇතුළු වතු නිවාස පේළියේ පවුල් 3කට අයත් සාමාජිකයන් 15 දෙනකු සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධායනයට යොමු කර පී.සී.ආර්. පරික්‍ෂණය ද සිදුකර ඇත.
මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ අවුරුදු 66ක තිදරු මවකට ද කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව (16) ලද පී.සී.ආර්. පරික්‍ෂණ වාර්තා අනුව තහවුරු වූ බවත්, ඇය ද කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණි කාන්තාවක් බවත් මකෙළිය සෞඛ්‍ය පරික්ෂක ඒ. නරේන්ද්‍ර කුමාර මහතා කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval