
නත්තල් දින රාත්‍රි අසල්වැසි ඥාතීන් දෙපිරිසක් අතර ඇතිවූ ආරාවුලක් බේරීමට ගිය කටාන හරිස්චන්ද්‍ර
පුරයේ පදිංචිව සිටි තිදරු මවක් හදිසියේ හටගත් හෘදයාබාධයකින් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කටාන තිඹිරිගස්කටුව හරිස්චන්ද්‍ර පුරයේ පදිංචිව සිටි ලන්කෙස්වර නන්දාවතී
(54) නමැත්තියකි. ඇයගේ නිවෙස අසල පදිංචි ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් බේරීමට දුව
යෑමේදී ඇදවැටුණු කාන්තාව මීගමුව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබිණි.
කටාන පොලිසිය විසින් මෙම ආරවුලට සම්බන්ධ බවට සැකපිට තරුණයකු අත්අඩංගුවට ගෙන මීගමුව වැඩ බලන
මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වැනි දින
දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.බී.එම්. රණසිංහ
මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර මරණයට හේතුව හෘදයාබාධයක් බව එම වාර්තාවේ සඳහන් කර ඇත.
කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාන් සුජීව උප පොලිස් පරීක්ෂක සේනාරත්න,
සැරයන් සුදත් ගුණවර්ධන සමඟ පොලිස් කොස්තාපල් උදය කුමාර ඇතුළු නිලධාරීහු පරීක්ෂණවලට සහය වූහ.
කටාන - බර්ටි වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval