කොරෝනා වෛරසය ආසාදන වීමෙන් මියගිය මහනුවර දිස්ත්‍රික්කයේ පළමු රෝගියාගේ දේහය භූමිදානයට අවසර නොදීමට විරෝධය දක්වමින් ඥාතින් දේහය රෝහලේ දමා යාමේ සිදුවීමක් වාර්තා වෙයි.
කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණෙමින් සිටියදී මතුවූ අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි 49 හැවිරිදි මෙම පුද්ගලයාට Covid -19 ආසාධනය වි ඇති බව
මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙයි.
මරණයට පත්වූ පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මෙම පුද්ගලයාගේ සිරුර කොරෝනා මරණයක් හේතුවෙන් ආදාහනය කරන්නට සූදානම් කර අදාළ මීනී පෙට්ටි හා සෞඛ්‍යාරක්ෂණ ගාස්තු ගෙවන්නට පවුලේ අයට දැන්වූ පසු
මරණය සිදුවූ පුද්ගලයාගේ දේහය ආදාහනය කිරිමට විරෝධය දක්වමින් මෙලෙස දේහය සහ මරණ සහතිකය පවා භාරනොගෙන ඥාතින් පිටව ගොස් ඇති බව වාර්තා විය.
ඥාතින් විසින් දේහය භාර නොගත හොත් අධිකරණ නියෝග ලබා ගනිමින් නිරෝධායන නීති මත දේහය පිළිබද අවසන් කටයුතු සිදු කරන බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා දන්වා ඇත.
මේ ආකාරයේ තත්වයක් කොළඹින්ද වාර්තාවී තිබූ අතර පවුලේ ඥාතීන් මිනී පෙට්ටි ලබා නොදීම නිසා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ 29 දා පස්වරුව වන විට මළසිරුරු පහක් තිබූ බවද සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.
0 Comments