
කල්පිටිය වෙරළ තීරයේ වැටී සිටි අටු වෙස් බස්සන් (barn owls) පැටවුන් දෙදෙනෙකු සොයා ගත් බව, වනජීවී දෙපාර්තමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා පැවසීය.
පවතින තද වැසි සහ සුළඟ හේතුවෙන් මෙම සත්වයන් මුහුදු තීරයේ වැටී සිටින්නට ඇති බවද හෙතෙම පවසා සිටියේය.
මෙම බකමූණු විශේෂය දුර්ලභ සත්ව විශේෂයක් වන අතර ප්‍රතිකාර සදහා එම සත්වයන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට යොමු කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval