
ජපන් ජාතික කෝටිපති ලාබල තරුණියක පැහැර ගෙන මෙරටට පැමිණි ලාංකික පෙම්වතාගේ මස්සිනාගේ මීගමුව පරණ හලාවත පාරේ පිහිටි නිවෙසට පෙරේදා 12 වැනිදා පැමිණි කණ්ඩායමක් ඔහුට පහර දී බරපතළ තුවාල කර ඇතැයි පොලිසිය කියයි.
ජපන් ජාතික එම තරුණියගේ පෙම්වතා බව කියන මෙරට තරුණයා එම තරුණිය පැහැරගෙන මෙරටට පැමිණ සිටිය දී මෙරට ජපන් තානාපති කාර්යාලයෙන් එම තරුණිය තම බාරයට ගෙන හෝටලයක නතර කර ඇතැයි පොලිසිය කියයි.
ජපන් ජාතික තරුණියගේ මව මෙරටට පැමිණෙන තුරු හෝටලයේ සිටි තරුණිය යළිත් වතාවක් පැහැරගෙන යෑමේදී ඊට අනුබල දුන් බව කියන පෙම්වතාගේ මස්සිනාට මෙසේ පහර දී ඇති බව පොලිසිය කියයි.
පහර කෑ තුවාලකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
පෙම්වතාගේ මස්සිනාගේ නිවෙසට පැමිණි හය දෙනකුගෙන් යුත් කණ්ඩායම ඔහුට පහර දී බරපතළ තුවාල සිදු කරද්දී ඔහුගේ මවගේ කෑ ගැසීම නිසා එම මැර කණ්ඩායම යතුරුපැදිවලින් පලාගොස් ඇතැයි පොලිසිය කළ විමර්ශනවල දී හෙළිවී ඇත.
මීගමුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
- ඩබ්.කීර්ති -
Comments
Post a Comment
Your comment will be visible after approval