ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වූ වැලිරි ජිස්කාඩ් එස්ථාන් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
1974 සිට 1981 වසර දක්වා ප්‍රංශ ජනාධිපති ධුරය දැරූ ඔහු මිය යන විට 94 වන වියෙහි පසු වුණා. මධ්‍යම ප්‍රංශයේ සිය නිවසේදී මිය ගිය ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු හිටපු ජනාධිපතිවරයාගේ අවසන් ඉල්ලීම පරිදි පෞද්ගලික මට්ටමින් සිදු කරන බවයි ඔහුගේ කාර්යාලය දැනුම් දී ඇත්තේ.
හිටපු ජනාධිපතිවරයා යුරෝපය එක්සත් කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළ නායකයෙක් ලෙස සැළකෙනවා.

Comments
Post a Comment
Your comment will be visible after approval