
ඒකල පොහොර නිෂ්පාදන ශාලාවක් තුළ කරනු ලැබූ පී.සී.ආර්. පරික්‍ෂාවකදී කොවිඩ් - 19 ආසාදිතයන් 39
දෙනකු සොයා ගත් බව ජා-ඇළ ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්.
ඩබ්ලිව්.එම්.වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉකුත් 28දා උක්ත කර්මාන්ත ශාලාවේදී පී.සී.ආර්. පරීක්‍ෂණ 133ක් සිදුකර ඇති අතර 29දා ඔවුන්ගෙන්
39 දෙනකු කොවිඩ් - 19 ආසාදනය වූවන් බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇතැයි විජේසිංහ මහතා
පැවැසීය. එම ආසාදිතයන්ගෙන් බහුතරය ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගම්පහ
දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ද මෙම ආසාදිතයන් අතර සිටින බව පරිපාලන
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවැසීය.
විශේෂයෙන් ප්‍රදේශයේ පුද්ගලයන් තම සංචරණ කටයුතු සීමා නොකර නත්තල් උත්සව සමයේ සාද පවත්වමින්
කටයුතු කිරීම මෙම තත්ත්වය ව්‍යාප්ත වීමට හේතුවක් වූ බවත් මේ නිසා ප්‍රදේශයක් ලෙස ජනතාව මීට
වඩා සැලකිලිමත්ව කටයුතු නොකළහොත් ජන ජීවිතය වඩාත් පීඩාකාරී වනු ඇතැයිද ජා-ඇළ පරිපාලන මහජන
සෞඛ්‍ය පරීක්‍ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියේය.
ජා-ඇළ _ ප්‍රසංග පාවුළුහේවා
Comments
Post a Comment
Your comment will be visible after approval