පසුගිය දිනවල අධික ලෙස මාධ්‍ය ප්‍රචාරණයක් ලැබුණ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ කොරෝනා පැණිය බෙදාදීම අද සිදුවූ අතර පවුල් 500 ක් සඳහා පැණි බෝතල් ලබාදීමට අද දින හැකියාව ඇති බව ඔහු පැමිණ සිටි විශාල ජනතාවට ප්‍රකාශ කර සිටියේය.
එම ස්ථානයේ 500 කට වැඩි පිරිසක් සිටිය අතර ඇතැමුන් එකම පවුලේ කිමිප දෙනෙක් ලෙස පැමිණ තිබුණි. මේ නිසා වෙදමහතා ශබ්ද විකාශන යන්ත්‍රයකින් පැමිණි අය අමතමින් දන්වා සිටියේ පවුලක 4 දෙනෙකුට ඇතිවෙන්න පැණිය එක් බෝතලයක ඇති බැවින් එක් පවුලකින් එක බැගින් ලබාගන්නා ලෙසයි. එසේම අකමැති අය මෙම බෙහෙතට අගෞරව නොකර එය ලබා නොගෙන සිටිය යුතු බවද කීය.
මෙම බෙහෙත අද දින ලබාදෙන බවට වූ ප්‍රචාරය නිසා ඈත ගම්දනව් වලින් පැමිණි ජනතාව ඇතැමුන් පාරේ නිදාගෙන සිට අද මෙම අවස්ථාව ලැබෙන තුරු සිටි බවද පැවසුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval