
කොවිඩ් - 19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූලව තහවුරු කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී ඇත.
කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහතා නිපදවා ඇති පැණිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරේ. ඒ පිළිබඳ පර්යේෂණ සඳහා මෙරට සියලු වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතිකයන් පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දෙඩම්පහළ මහතා යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
මේ අතර ලෝකයේ කොවිඩ් - 19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජගක්ෂ මහතා මීට පෙර ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබිණි. ඒ අනුව සකස් කළ වාර්තව පදනම් කර ගනිමින් කොවිඩ් - 19ට මෙතෙක් සොයාගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග තුන සම්බන්ධ සී.ඩී.ඒ. වාර්තාව ජාතික පර්යේෂණ සභාව විසින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දී ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
-ඩයනා උදයංගනී-
Comments
Post a Comment
Your comment will be visible after approval