
බස්නාහිර පළාතෙන් පිට වීමට ගිය 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඇන්ටිජන් පරීක්ෂණ මගින් හෙළි වී තිබේ.
දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ බස්නාහිර පළාතෙන් පිට වන්නන්ට ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කරමින් කරමින් සිටින බවයි.
වෛරසය පාලනය කිරීම සහ දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා මෙම පරීක්ෂණ සිදු කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval