
බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක කර ඇති COVID-19 එන්නත්කරණ වැඩසටහන සදහා එරට වෙසෙන කළු, ආසියානු සහ සුළු ජනවර්ග නියෝජනය කරන පිරිස එතරම් කැමැත්තක් නොදක්වන බව අලුතින්ම සිදුකළ සමීක්ෂණයක් මගින් අනාවරණය කර සිටියි. මේ අතරින් බොහෝ පිරිස අඩු ආදායම්ලාභීන් ලෙසත් හඳුනාගෙන තිබේ.
Pfizer-BioNTech එන්නත මෙලෙස ඔවුන්ට ලබාදීම සිදු කරයි. පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය තුළ මෙම එන්නත්කරණ වැඩසටහන ඇරඹූ අතර, එම සතිය තුළදී එරට තුළ 138,000 දෙනෙකුට මෙම එන්නත ලබාදීමට සෞඛ්‍ය බලධාරින් සමත්ව ඇත.
බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබද රාජකීය සමාජය (RSPH) මගින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. ඒ අනුව එරට ජනතාවගෙන් සිවු දෙනෙකුගෙන් තුන්දෙනෙකු වෙදවරයෙකු උපදෙස් ලබා දෙන්නේ නම් මෙම එන්නත ලබා ගැනීමට කැමැති බව පවසා ඇත. එසේම 8%ක ප්‍රතිශතයක් එවැනි උපදෙසක් මත හෝ එන්නත ලබා ගැනීමට අකමැති බව ප්‍රකාශ කර තිබේ.
මෙම සමීක්ෂණයට අනුව ඊට දායක කරගත් පිරිස අතරින් කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික සම්භවයක් සහිත 199 දෙනෙකුගෙන් 57%ක ප්‍රතිශතයක් එන්නත ලබා ගැනීමට කැමැත්ත පළකර තිබේ. එහිදී මෙම සමීක්ෂණයට සම්බන්ධ වූ සුදු ජාතිකයන් 199දෙනෙකු අතරින් 79%ක ප්‍රතිශතයක් එන්නත ලබාගැනීමට කැමැත්ත ලබාදී ඇතැයිද පැවසෙයි.
විශේෂයෙන්ම මෙම එන්නත සම්බන්ධයෙන් මෙම කළු, ආසියානු සහ සුළුතර ජනවාර්ගික සම්භවයක් සහිත පිරිස් තුළ පවතින විශ්වාසයේ මදකම ඊට හේතුවී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබද රාජකීය සමාජයේ ප්‍රධාන විධායක ක්‍රිස්ටිනා මැරියට්, "අපි කොහොමත් දන්නවා බ්‍රිතාන්‍යයේ ඉන්න එකිනෙකට වෙනස් ජනවර්ග තුළ ජාතික සෞඛ්‍ය සේවාව පිළිබදව පවතින විශ්වාසය අඩු වැඩි වශයෙන් වෙනස්. ඒ වගේම ආසන්න කාලසීමාවේදී එන්නත් විරෝධී ප්‍රචාරණ ව්‍යාපාරයකුත් මේ වාර්ගික සහ ආගමික ජනකණ්ඩායම් අතර දරුණු ලෙස ව්‍යාප්ත වුණා.” යනුවෙන් පවසා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval