
ජපානයෙන්ද COVID-19 වෛරසයේ නව ප්‍රභේදයක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙහිදී එම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ COVID-19 නව ප්‍රභේදය හා සමාන බව පැවසෙයි.
පසුගිය දෙසැම්බර් 19 දකුණු අප්‍රිකාවේ සිට ජපානය වෙත පැමිණි කාන්තාවක් තුළ මෙම නව වෛරස ප්‍රභේදය තිබී ඇත. මෙම ප්‍රදේශය 501.V2 ලෙසින් නම් කෙරී ඇත.
මේ අතර පසුගියදා බ්‍රිතාන්‍යය තුළින් හමුවුණු COVID-19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ තවත් හය දෙනෙකුද ජපානයෙන් හමුවී තිබේ. ඒ අනුව අද වනවිට ජපානය තුළ, COVID-19 වෛරසයේ නව ප්‍රභේදයන් ආසාදනය වූ රෝගීන් 15දෙනෙකු හදුනාගෙන ඇතැයි බලධාරින් පවසයි.
- ටී එල් ජව්ෆර්කාන් -
Comments
Post a Comment
Your comment will be visible after approval