
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් 526 දෙනා අතුරින් 517 දෙනකුම හඳුනාගෙන ඇත්තේ කොළඹ නගර සීමා බලප්‍රදේශයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තතා වී ඇත්තේ රෝගීන් 09 දෙනකු පමණක් බව ද එම මධ්‍යස්ථානය පවසයි.
බොරැල්ල ප්‍රදේශයෙන් 176 දෙනකු ද, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 89 දෙනකු ද, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 85 දෙනකු ද, මරදාන ප්‍රදේශයෙන් 74 දෙනකු ද, වැල්ලවත්ත ප්‍රදේශයෙන් 54 දෙනකුද, කොල්ලුපිටිය ප්‍රදේශයෙන් 11 දෙනකු ද, දෙමටගොඩ ප්‍රදේශයෙන් 10 දෙනකු ද, කිරුළපන ප්‍රදේශයෙන් 04 දෙනකු සහ කොටහේන ප්‍රදේශයෙන් එක් රෝගියකු ද ඊයේ (09) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ (09) උදේ 6.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 798 දෙනකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 97 දෙනකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 53 දෙනකු, නුවර දිස්ත්‍රික්කයෙන් 40 දෙනකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 44 දෙනකු ද වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
- නිමන්ති රණසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval