කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයට එරෙහිව ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ එන්නත් සම්බන්ධයෙන් දත්ත, සොරකම් කර ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය
හැකර්වරුන් යනු පරිගණක දත්ත සොරුන්ය. ‘ෆයිසර්’ සහ ‘බයෝඇන්ටෙක්” සමාගම් ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සියලු දත්ත සහ තොරතුරු යුරෝපීය ඖෂධ පාලන අධිකාරියට ලබා දී තිබේ. පරිගණක හැකර්වරුන් එන්නත සම්බන්ධ දත්ත සොරකම් කර ඇත්තේ යුරෝපීය ඖෂධ පාලන අධිකාරියේ පරිගණක පද්ධතියට පිවිසීමෙනි. අනෙක් ඇමෙරිකන් එන්නත වන්නේ, ඇමෙරිකාවේ 'මොඩර්නා' සමාගම නිපදවා ඇති එන්නතය. හැකර්වරුන් කෙළින්ම එම සමාගමේ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත සොරකම් කර ඇතැයි වාර්තා වේ. සයිබර් ප්‍රහාරය පිළිබඳ සුලමුල සොයා යද්දී, එය චීන හැකර්වරුන් පිරිසක් කළ ක්‍රියාවක් බවත්, ඊට චීන රජයේ අනුග්‍රහය ලැබී ඇති බවත් ඇමෙරිකන් ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.
ලන්ඩනයේ (රොයිටර්)

Comments
Post a Comment
Your comment will be visible after approval