
හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේ වනවිට කෝවිඩ් වෛරසය පැතිර යාමේ අවදානම් තත්වය සැලකිල්ලට ගෙන හලාවත, වෙත්නප්පුව සහ නාත්තන්ඩිය යන සොඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවල ජනතාවගේ
නාත්තන්ඩිය ප්‍රදේශයේ ඉස්සන් කර්මාන්තශාලාවක සේවකයන් 48 දෙනෙකු සමග මේ වනවිට තවත් විශාල පිරිසකට කෝවි් වෛරසය ආසාදනය වී ඇති බවද, මෙම ඉස්සන් කර්මාන්තයට හලාවත, වෙත්තප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශවලින් සේවකයන් පැමිණන බැවින් එවැනි ආසාදිත පුද්ගලයන්ගෙන් වෛරසය පැතිර යැම පාලනයට මෙම පියවර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බව වයඹ පළාත් සෞඛ්‍ය බලධාරින්ගේ මතය වී ඇති බව අණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සදහන් කළේය. මේ අතර ඊයේ (2දා) දහවල් වන විට ආසාදිතයන් 45ක් වාර්ත වූ බව පෙන්වා දෙන රාජා කොල්ලුරේ මහතා එම ආසාදිතයන් සංඛ්‍යාව සවස් වන විට තව දුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවද ප්‍රකාශ කර සිටියේය.
-ගීතාංජලී ප්‍රියදර්ශනී-



