ඉන්දියාවේ නවදිල්ලියේ ගුර්ගෝන් රෝහලට ආසන්නයෙන් පිකප් ට්‍රක් රථයක් පදවාගෙන හත් අට වතාවක් එහාට මෙහාට වාහනය හප්පා පදවමින් දේපළ වලට අලාභ හානි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු මෙම කටයුත්ත හිතාමතා කර ඇති බව අනාවරණය වී ඇති අතර රෝහලට
ඇතුළත් කළ වයෝවෘද්ධ රෝගීන් දෙන්නෙකුගේ ඥාතියෙකු වන මෙම පුද්ගලයා රෝහලේ ප්‍රතිකාර සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකින් පසු සිය කෝපය මේ ආකාරයට පිටකර ඇත්තේ රෝහලේ දේපළ වලට අලාභ කරමිනි. මෙම සංසිද්ධිය නිසා රෝහලේ ෆාමසියකට හා රථ ගාලේ නවතා තිබූ වාහන ගණනාවකට අලාබ සිදුවිය.
සීසීටීවී දර්ශන මෙසේය.
Comments
Post a Comment
Your comment will be visible after approval