බුරවි සුළි කුණාටුවෙන් තද වැසි සමග තද සුළං සහිත තත්ත්වයක් වාර්තා වුව ද බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.සුළි කුණාටුව මේ වන විට 

ක්‍රමයෙන් මන්නාරම් බොක්ක ආසන්නයේ ස්ථානගත වෙමින් පවතින අතර එය අද දහවල් කාලය වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අතර ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙනු ඇති බව දන්වා ඇත.

අද අලුයම 2.30 පමණවන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ, මුලතිව් අලම්පිල් ප්‍රදේශයෙනි. එම අගය මිලිමීටර 222 කි.
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් මිලිමීටර 200.5 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අද අලුයම 2.30 පමණ වන විට යාපනය ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලීමීටර 194.3 කි. මීට අමතරව පදවිය ශ්‍රීපුර ප්‍රදේශයෙන් මිලීමීටර් 195. 5 ක්, උඩයාර්කට්ටු ප්‍රදේශයෙන් මිලීමීටර් 189ක්, හා වැලිඔය ප්‍රදේශයෙන් මිලීමීටර් 180ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මන්නාරම මිලිමීටර් 128 ක වර්ෂාපතනයක් හා ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.