
"මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝ කරන්න ඕනේ" යැයි පවසමින් වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරි ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගත් ජේලර් වරයාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකව චන්දන ඒකනායක මහතා පැවසීය.
විනය පරීක්ෂණයක යටත්ව එම වැඩ තහනම කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් අනතුරුව විශේෂ රාජකාරි සඳහා වටරැක බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයා ද යොදවා තිබී ඇති අතර දින කීපයක් රාජකාරි කිරීමෙන් අනතුරුව ඔහු නැවත වටරැක බන්ධනාගාරය වෙත පැමිණ තිබිණි.
මෙහි දී ප්‍රධාන දොරටුව අසල රාජකාරිය යෙදී සිටි දොරටුපාලක නිලධාරියා විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට නිවසේ ස්වයං නිරෝධායන යෙදීම සඳහා දින 14 ක් නිවාඩුවක් ලබා දී ඇති බව පැවසීමත් සමග උරණ වූ වූ ජේලර්වරයා එලෙස ආවේගශීලීව ඇසිරී තිබිණි .
එතනින් නොනැවතුණු එම ජේලර්වරයා නිලධාරී විවේකාගාර වලට ගොස් එම ඇඳන් වල ද සැතපී ඇති අතර සෙසු නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පැළඳුම් ද අතට ගෙන පොඩි කර නැවත දමා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
ජේලර් වරයාගෙ එම හැසිරීම සම්බන්ධයෙන් රාත්‍රී කාර්යභාර ජේලර් වරයා සහ දොරටු පාලක නිලධාරියා විසින් මීගොඩ පොලීසියටද පැමිණිල්ලක් කර තිබිණි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval