
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 55ක ග්‍රාම නිලධාරින් හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගිය 7 වැනිදා පැවැති රැස්වීමකට සහභාගි වූ ග්‍රාම නිලධාරිනියකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.පී. මාලක මණ්හතා පැවසිය. කොරෝනා වයිරසය වැළඳී ඇති ග්‍රාම
ඇයට කොවිඩ් 19 වැළඳී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කීය. පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ඇය සේවා පියසේ රාජකාරි කටයුතු සඳහා ද ගොස් ඇති බව වාර්තාවේ. ග්‍රාම නිලධාරිනියගේ නිවසේ අය සහ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇති අතර අම්බලන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සහ පාසල් කිහිපයක සිසුහු ද නිරෝධායනයට ලක් කරනු ලැබ සිටිති. ග්‍රාම නිලධාරිනියගේ සහෝදරියන් දෙදෙනකු පිට පළාත් දෙකක සිට නිවෙසට පැමිණ සිටි අතර ග්‍රාම නිලධාරිනියගේ මුල් ආශ්‍රිතයන් එම සහෝදරියන් විය හැකි බවට සෞඛ්‍ය අංශ කියයි.
-සනත් ගමගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval