නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු නිවසින් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට ලක්කර සිටි එම පුද්ගලයා කොවිඩ් රෝගියෙකු බවට අනාවරණයවීමෙන් පසු එලෙස නිවසින් පළාගොස් ඇත.
නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි පුද්ගලයෙක් වන මොහු සපුගස්කන්ද, මාකොල උතුර, දේවාල පාර ලිපිනයේ වාසය කර තිබේ.
එම පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ ඡායාරූපයක් පොලිසිය නිකුත් කර ඇති අතර සොයා ගැනීම සඳහා සපුගස්කන්ද පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

Comments
Post a Comment
Your comment will be visible after approval