
උද්ඝෝෂණයකට සහභාගි නොවුණැයි යකඩ පොලුවලින් පහර දී පුද්ගලයකුට බරපතළ තුවාල කළැයි මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී. එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.
මෙම උද්ඝෝෂණය මෙම නාගරික මන්ත්‍රීවරයා විසින්ම මෙහෙයවනු ලබන බවට ලැබුණ තොරතුරු අනුව පොලීසිය මැදිහත්වීමෙන් එම උද්ඝෝෂණය අත්හිටුවීය. එහෙත් උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබූ දින රාත්‍රී එම උද්ඝෝෂණයට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ ගම්වැසියාට නාගරික මන්ත්‍රීවරයා පහරදුන් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් ගොඩකුඹුර මහතා අධිකරණයට ප්‍රකාශ කළේය. කොච්චිකඩේ පොලීසියේ සැරයන් වීරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය. වැඩිදුර විභාගය දෙසැම්බර් 18 වැනිදාට කල් තැබිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval