
කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරියට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම නිසා ඇය හඟුරන්කෙත ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
එම හේතුවෙන් එම මහත්මියගේ සැමියා වන නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා සහ සමීප නෑදැයන්
නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇත. එසේම ප්‍රාදේශීය ලේකම්වරයාගේ ආශ්‍රිතයන් හැටියට
ගැනෙන නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් 15කට ආසන්න පිරිසක්ද ඔවුන්ගේ
නිවෙස්වල හා නිල නිවාසවල නිරෝධායනට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
නුවරඑළිය - චන්ද්‍රසිරි මහගම
Comments
Post a Comment
Your comment will be visible after approval