
මොරටුව, එගොඩඋයන, නව ගාලුපාරේ පදික මාරුවක් මතදී යතුරුපැදියක ගැටීමෙන් කුඩා දැරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙයි.
ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 7 ක හා අවුරුද්දක ඇගේ දියණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේය.
බරපතල තුවාල ලැබූ එම තුන්දෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙයි.
අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval