
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (GCE O/L) විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.
අමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසූවේ, විභාගය පවත්වන නව දිනය සති 2 කට වරක් සිදු කරන සමාලෝචන අනුව ඉදිරි අවස්ථා තුනකදී විමසා සති 06කට පෙර දැනුම් දෙන බවයි.
මේ අතර මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් වසා තැබීම නිසා සිසුන් කොටසකට අධ්‍යාපනය පාඩුවීමට ගන්නා විකල්පය කුමක්දැයි පාර්ලිමේන්තුවේ විපක්ෂය කළ ප්‍රශ්න කිරීමේදී ඇමතිවරයා කීවේ දුරස්ථ අධ්‍යාපනය එයට විකල්පය බවත් ගුරුගෙදර ඊ තක්සලාව ඒ වෙනුවෙන් කටයුතු කරන බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval