
මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව පළාත් සෞඛ්‍ය
දෙපාර්තමේන්තුව පවසයි.
මේ දක්වා දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1076 දෙනකු වාර්තාවී තිබේ. මහනුවර දිස්ත්‍රික්කයෙන්
ඊයේ (30දා) පෙරවරු 6.00න් අවසන්වූ පැය 24 තුළ නව ආසාදිතයන් 35 දෙනකු හඳුනාගෙන ඇත.
මධ්‍යම පළාතින් මේ දක්වා කොවිඩ් - 19 ආසාදිතයන් 1740ක් හඳුනාගෙන තිබෙන බවත් මහනුවරට
අමතරව නුවරඑළියෙන් 538ක් හා මාතලෙන් 126ක් ලෙස කොවිඩ් රෝගීන් සොයාගත් බවත් සෞඛ්‍ය
දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයන් 289ක් වාර්තා වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයන් 227දෙනකුද මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් ආසාදිතයන් 25 දෙනකුද හඳුනාගෙන තිබේ.
මහනුවර - කේ. එල්. සුරවීර
Comments
Post a Comment
Your comment will be visible after approval