
අද සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
යුද හමුදාපතිවරයා පැවසුවේ ඒ සඳහා ජංගම ඇන්ටිජන් පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි.
බස් රථ ඇතුළු අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් මගින් බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් එහිදී එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ බස්නාහිර පළාතෙන් පිටතට යාම අවම කරන්නේ නම් එය වඩාත් යහපත් බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval