
අම්පාර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතියි. 28 වැනිදා වන
විට අම්පාරේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 754කි.
ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අක්කරපත්තු පොලිස් බල ප්‍රදේශයෙනි. ඒ රෝගීන් 400කි.
කල්මුණේ 211ක්, පොතුවිල් 64ක්, සමන්තුරේ 35ක්, දමන 28ක්, අම්පාර 05ක්, උහන 06ක්, ඉඟිනියාගල
02ක්, මධ්‍යම කඳවුර 06ක්, තිරික්කෝවිල් 13ක්, චවලකඩේ 04ක්, මහඔය 03ක්, දෙහිඅත්තකණ්ඩිය 02ක්,
පදියතලාව 01ක් ලෙසින් අනෙකුත් පොලිස් බල කොට්ඨාසවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.
මේ වන විට කොරෝනා ආසාදිතයන් 422ක් සුවවී තිබේ.
දිගාමඬුල්ල - හෂිනි සචින්තා ඉඳුවරි
Comments
Post a Comment
Your comment will be visible after approval