වෙල් යායක වී කෑමට පැමිණ සිටි වී කුරුල්ලන් දහසක් පමණ මරණයට පත්වීමේ පුවතක් වනාතවිල්ලුව එළුවන්කුලම රාල්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. වනජීවි නිලධාරීන් මෙම කුරුලු මරණවලට හේතු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
වනජීවි නිලධාරීන්ගේ සැකය වන්නේ විෂ සහිත
යමක් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම කුරුල්ලන් මරණයට පත්වන්නට ඇති බවයි. වී අස්වනු ආරක්ෂා කරගැනීම සඳහා ගොවීන් විසින් විෂ සහිත යමක් කුඹුරුවලට ඉසීම ඇතැම් විට මෙම කුරුලු මරණවලට හේතු විය හැකි බවට ඔවුන් සැක පළ කර ඇත. විල්පත්තුව ජාතික විනෝද්‍යානය ආශ්‍රීතව සැරිසරන කුරුලු රෑනක් මෙලෙස මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් වාර්තා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval