
දැදුරු ඔයේ මාළු අල්ලනවා බැලීමට පාපැදියෙන් පෙරේදා (14) දවල් 12.00ට පමණ නිවෙසින් පිටව ගිය අට හැවිරිදි දරුවකුගේ සිරුර අම්බලන්යාය ප්‍රදේශයේ දැදුරු ඔයේ වළක තිබී එදිනම රාත්‍රී 10.00ට පමණ
අතුරුදන්ව සිටි දරුවාගේ පාපැදිය හා පාවහන් යුගල අම්බලන්යාය ප්‍රදේශයේ දැදුරු ඔයේ ඉවුරේ තිබී මාළු අල්ලමින් සිටි පිරිසකට හමුවීමෙන් පසු ඒ බව පොලිසියට දන්වා ප්‍රදේශවාසීන් එක්ව දරුවාගේ සිරුර සෙවීමේදී දැදුරු ඔයේ වළක තිබි සිරුර හමු වූ බව ද පොලිසිය කියයි. නිවෙසින් පිටව ගිය මෙම දරුවාගේ පාපැදිය හා පාවහන් යුගල හමු වූ තැනට යාබද ස්ථානයක මත්පැන් පානය කර සිටි හතරදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
-කාංචනමාලා බණ්ඩාර-
Comments
Post a Comment
Your comment will be visible after approval