
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (03) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් 402 දෙනා අතුරින් 340 දෙනකුම වාර්තා වී ඇත්තේ කොළඹ නගර සීමාවෙන් බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ස්ථානවලින් වාර්තා වී
ඇත්තේ රෝගීන් 62 දෙනකු පමණක් බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ උදේ 6.00 න් අවසන් වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතරින් බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයන් 103 දෙනකු වාර්තා වී ඇත. දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූ ඉකුත් ඔක්තෝබර් මස 04 වැනිදායින් පසු කොළඹ නගර සීමාවේ ප්‍රදේශයකින් රෝගීන් සියයකට අධික පිරිසක් එකවර වාරිතා වී ඇත්තේ ඊයේ (03) දිනයේ දී වීම විශේෂත්වයකි.
ඉකුත් දින කිහිපය තුළ කොළඹ නගර සීමාවේ කොරෝනා ආසාදිත වැඩිම පිරිස වාර්තා වූ අලුත්කඩේ ප්‍රදේශයෙන් එම පැය 24 තුළ වාර්තා වී ඇති රෝගීන් ගණන 63කි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව ඊයේ (03) දින පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ කොල්ලුපිටිය ප්‍රදේශයෙන් 42 දෙනකු ද, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 36 දෙනකු ද, දෙමටගොඩ ප්‍රදේශයෙන් 30 දෙනකු ද, බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් 29 දෙනකු ද, ග්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයෙන් 16 දෙනකු ද, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 06 දෙනකු ද, මරදාන ප්‍රදේශයෙන් 04 දෙනකු ද, කොටුව, කිරුළපන, වැල්ලවත්ත යන ප්‍රදේශවලින් 03 දෙනා බැගින් ද, බම්බලපිටිය ප්‍රදේශයෙන් 02 දෙනකු ද හඳුනාගෙන ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ වන වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 15 දෙනකු ද, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 21 දෙනකු ද, ගොතටුවෙන් 6 දෙනකු ද, කොමළොත්නාව ප්‍රදේශයෙන් 05 දෙනකු ද පිළියන්දලින් 4 දෙනකු ද කොස්ගම සහ මොරටුව යන ප්‍රදේශවලින් 02දෙදෙනකු බැගින් සහ කොට්ටාව, මහරගම, මත්තේගොඩ, දෙහිවල, කොහුවල, මුදුන්ගොඩ යන ප්‍රදේශවලින් එක් ආසාදිතයකු බැගින් ද වාර්තා වී ඇත. එම පැය 24 තුළ මෙරටින් වාර්ත වූ රෝගීන්ගේ සමස්ත ගණන 878කි. මින් ගම්පහ දිස්ත්‍රික්කයේ ගණන 188කි. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කඩවත ප්‍රදේශයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. කඩවතින් හඳුනාගෙන ඇති රෝගීන් ගණන 48කි. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුවෙන් 41 දෙනකුද, නිට්ටඹුවෙන් 17 දෙනකුද කැලණියෙන් 15 දෙනකුද හමුවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval