කොරෝනා රෝගියකු බවට හඳුනාගත් රෝගියාගේ උසස් පෙළ හදාරන දියණියක් සහභාගී වූ බව කියන ඇල්පිටිය නගරාසන්නයේ පෞද්ගලික උපකාරක පන්තියේ ඉගැන් වූ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු ගුරුවරුන් තිදෙනෙක් නිරෝධායනය සදහා යොමු කළ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් ලියන ආරච්චි මහතා පැවසීය.
ඊට අමතරව එම රෝගියාගේ දරුවා ආසන්නයෙන්ම සිටි බව කියන සිසුවියක් ද එම පන්තියේ කාඩ් සලකුණු කළ කාන්තාවක් ද නිරෝධායනයට යොමුකර තිබේ.
එම රෝගියාගේ ආශ්‍රිතයකු වූ දියණිය එදින පැවැත් වූ උපකාරක පන්ති තුනකට සහභාගී වී ඇති අතර එම පන්තිවල සිටි සිසු සිසුවියන් පිළිබඳව තොරතුරු රැස්කරමින් සිටින අතර රෝගියාගේ දියණියගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලබාගන්නා තෙක් එම දරුවන් වෙන්කර තැබීමට ද පියවර ගත් බව ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරික්ෂක ඉන්දික ප්‍රසාද් සිල්වා මහතා පැවසීය.
හෝටලයක අරක්කැමියකු වශයෙන් සේවය කරන මෙම කොරෝනා රෝගියා ඉකුත් 22 වැනිදා නිවසට පැමිණ යළි සේවයට යාමෙන් පසු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් ඔහුට රෝගය වැළදී ඇති බව තහවුරු වී ඇත.
- චන්ද්‍රසිරි ගුණසේකර -

Comments
Post a Comment
Your comment will be visible after approval