
වාලච්චේන පූනානි ප්‍රදේශයේ පිහිටි දැනට කොරෝනා රෝග ප්‍රතිකාර රෝහලක් වශයෙන් පවත්වාගෙන යන මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ (බැටික්ලෝ කැම්පස්) තිබූ ගිනි නිවීමේ උපකරණ 27ක් සොරාගෙන ගිය බව කියන තිදෙනෙක් පෙරේදා (28) රාත්‍රියේ වාලච්චේන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කරන ලද පරික්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සැකකරුවන් තිදෙනා සහ ගිනි නිවීමේ උපකරණ 27 සොයා ගැනීමට හැකිවිණි යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මෙසේ සොයාගත් ගිනි නිවීමේ උපකරණ 9ක් හිස් ඒවා බවත් ඉතිරි ඒවායේ ගිනි නිවීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබූ බවත් පොලිසිය පවසයි. කුමන අරමුණකින් මේවා සොරාගන ගොස් මෙසේ සැකකරුවන්ගේ නිවෙස්වල සඟවා තබාගෙන සිටියේද යන්න ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය හා යුද හමුදා බුද්ධි අංශ පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -
Comments
Post a Comment
Your comment will be visible after approval