
කිඹුලාවල හන්දියේ සහ නව රෝහල පාරේ යතුරුපැදි රේස් යෑමට සූදානම් කර තිබිය දී මිරිහාන පොලිස් බාරයට ගත් යතුරු පැදි 26න් 10ක් නීති විරෝධීව කොටස් එකලස්කර තැනු යතුරුපැදි බවට හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. එම යතුරුපැදි මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර සිදුකළ පරික්ෂණයේ දී මේ බව හෙළිව ඇතැයි ද ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා වෙත
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ දී තරුණයකු රේස් පැදීමෙන් කුඩා දරුවන් දෙදෙනකු ඉකුත්දා මිය ගියේය. ඔවුන්ගේ මව වන ගැබිනි කාන්තාවක් ද බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. සිද්ධියෙන් අනතුරුව ලැබුණු තොරතුරු අනුව මිරිහාන පොලිසිය කිඹුලාවල හන්දියේ දී සහ ජයවර්ධනපුර රෝහල පාරේ දී ඉකුත් 6 වැනිදා සිදු කළ මෙහෙයුමේ දී රේස් පැදීම සඳහා සූදානම් කර තිබූ යතුරුපැදි 26ක් පැදිකරුවන් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval