රුපියල් 20 නව සමරු කාසියේ වටිනාකම රුපියල් 1300
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා
විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබිණ.
කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරෙන නමුත් මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා විසින් රුපියල් 1300ක මුදලකට කාසිය මිල ගන්නට කැමති අයට අළෙවි කිරීමට නියමිතය.
( ඡායාරූප : රොෂාන් බොතේජු - ජනාධිපති මාධ්‍ය අංශය )
Comments
Post a Comment
Your comment will be visible after approval